Wednesday, July 27, 2016
Isuru Linux තියෙන පරිගණකයක User ගේ Password එක අමතක වුනොත් මොකද කරන්නේ....
Single User Mode ගිහිං ඒකෙන් root එකවුන්ට් එකට ලොග් වෙලා එතනින් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවං.
රසික නානායක්කාරගේ ලිපියක්.....Single User Mode යන විදිය
කම්පියුටර් එක රීස්ටාට් කරලා Shift key එක ඔබාගෙන ඉන්න. ඒකෙදි එන GRUB මෙනු එකෙන් recovery console එකට යන එන්ට්‍රි එක තෝරන්න.
ඊළඟට එන මෙනු එකෙන් Drop to Root Shell කියන ඔප්ෂන් එක තෝරන්න්න.
දැං ඔබ ලොග් වෙන්නේ root යූසර් විදියටයි.
වැදගත්:
සාමාන්‍යෙන් උබුන්ටු හෝ ඒ හා සමාන OS එකේ Desktop Edition එකකදි root user පාස්වර්ඩ් එකක් අපි දෙන්නේ නැහැ. එහෙම root පාස්වර්ඩ් එකක් දෙන්න තැනක් සෙටප් එකේදි එන්නෙත් නැහැ. ඒ නිසා ගොඩාක් වෙලාවට මෙතනදී කෙළින්ම root විදියට ලොග් වෙන්න පුළුවනි.
Red Hat, CentOS, Fedora වගේ OS එකකදී root පාස්වර්ඩ් එක සෙටප් එකේදිම දෙන්න වෙනවා. ඒ නිසා username එක අමතක උනේ මේ වගේ සිස්ටම් එකකදී නං, root පාස්වර්ඩ් එ නොදැන ආයේ ඒක ගොඩ දාන්න බැහැ.
කරන විදිය.
root යූසර් විදියට ලොග් උනාට පස්සේ,passwd කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා පාස්වර්ඩ් එක වෙනස් කරන්න තියෙන්නේ.
$ passwd <User Name>
මෙතන යූසර් නේම් කියන තැන <> දෙක නැතුව අර අපිට පාස්වර්ඩ් අමතක වෙච්ච යූසර්ගේ යූසර්නේම් එක තමා දෙන්න ඕනේ.
ඊට පස්සේ දෙපාරක් විතර අලුත් පාස්වර්ඩ් එක එන්ටර් කරන්න දෙනවා.
එච්චරයි.
$ reboot කමාන්ඩ් එකෙන් ආයෙත් රීස්ටාට් කරන්න පුළුවනි.
අපි හිතමු, අපිට යූසර් නේම් එකත් මතක නෑ කියලා.
එතකොට යූසර්ව හොයාගන්නේ කොහොමද?
ලිනක්ස් සිස්ටම්වල යූසර් ඉන්ෆෝමේෂන් සේව් වෙලා තියෙන්නේ /etc/shadow කියන ෆයිල් එකේ. අපිට cat කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා ඒ ෆයිල් එකේ තියෙන දේවල් බලාගන්න පුළුවනි.
$ cat /etc/shadow කමාන්ඩ් එකෙන් shadow ෆයිල් එකේ තියෙන යූසර් නේම්ස් ටික අපිට බලාගන්න පුළුවනි. ගොඩක් වෙලාවට අපි අලුතෙන් හදන යූසර්ලාගේ නම් තියෙන්නේ මේ ෆයිල් එකේ පල්ලෙහාටම වෙන්න.
Tuesday, July 26, 2016
පරිගණක අතර දත්ත හුවමාරු (Share) කරගැනීම
එකම ප්‍රාදේශීය ජාලයකට සම්බන්ධකර ඇති පරිගණක වලට අනෙක් පරිගණක සමඟ දත්ත හුවමාරු (Share) කරගැනීම අදාල සේවාව ස්ථාපනය කිරීමට පිළිපැදිය යුතු පියවර එක වරක් පිළිපැදීමෙන් පසුව අපහසුවකින් තොරව ඉටුකරගත කරගත හැක.
මුලින්ම බෙදාගැනීමට අවශ්‍ය ගොනුව ඇති පරිගණකයේ Samba සේවාව ස්ථාපනය කර ඇති දැයි පරික්ෂා කරන්න.
Samba ස්ථාපනය කර නොමැතිනම් ‘Software Centre’ හරහා එය ස්ථාපනය සිදුකරන්න.
අලුතින් මෘදුකාංගයක් ස්ථාපනය කරන ආකාරය “8.3 ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට අතිරේක මෘදුකාංග ස්ථාපනය” හී විස්තරාත්මකව පැහැදිලි කර ඇත.
Samba අයිකනය මත click කලවිට ඔබට එම පරිගණකයේ Admin මුරපදය ලබාදෙන ලෙස ඉල්ලමින් සංවාද කොටුවක් දර්ශනය වනු ඇත. එයට නිවැරදි මුරපදය ලබාදී OK ලෙස තෝරන්න.
Admin බලතල නොමැතිව ඔබට Samba සේවාවේ සැකසීම් සිදුකල නොහැකිය.
එවිට ඔබට පහත පරිදි සංවාද කොටුවක් දැකගැනීමට හැකිවනු ඇත.
share එකක් සෑදීමට පෙර Samba සේවාව භාවිත කලහැකි පරිශීලකයන්ව සේවාවට එකතුකිරීම සිදුකල යුතුය. මේ සදහා “Preferences” හී ඇති “Samba user” මෙනුව තෝරන්න. එවිට පහත පරිදි සංවාද කොටුවක් දැකගැනීමට හැකිවනු ඇත.
එම සංවාද කොටුවේ ඇති Add User මත click කලවිට ලැබෙන සංවාද කොටුවේ අදල කොටස් සම්පූර්ණ කරන්න.
මෙහි Unix user ලෙස දැක්වෙන Drop down menu එකෙන් ඔබගේ පරිශීලක නාමය තෝරන්න. ඔබට එකතුකිරීමට අවශ්‍ය පරිශීලකයා වෙනුවෙන් මෙම පරිගණකයේ දැනට ගිණුමක් නොමැති නම්, නව පරිශීලකයෙකු එකතු කරගන්නා ආකාරය “8.1 පරිශීලක ගිණුම් සැකසීම” හී විස්තර කර ඇත. Windows Username ලෙස වෙනත් නමක් ලබාදීමේ හැකියාව ඇති මුත් එකම නම භාවිත කිරීමෙන් අනවශ්‍ය පැටලිලි සහගත අවස්ථා මගහරවාගත හැකිය. Samba Password එක ලෙස ඔබට කැමති මුරපදයක් ලබාදිය හැකිය. මෙයට සාමාන්‍ය පරිශීලක ගිණුමේ මුරපදයම භාවිත කල හැකිය.
අදාල තොරතුරු ලබාදී OK මත click කලවිට ඔබ අලුතින් එකතුකල ගිණුම එකතුවී තිබෙනු දැකගත හැකිය.
දැන් ඔබට මෙම පරිගණකයේ ඇති ගොනුවක් share කිරීම සිදුකල හැකිය. ඒ සඳහා Samba server configuration කවුලුවේ ඇති + ලකුණක සංකේතය තෝරන්න.
එවිට පහත පරිදි කවුලුවක් දකින්නට ලැබෙනු ඇත
Browse මත click කර ලැබෙන කවුලුව භාවිත කර share කිරීමට අවශ්‍ය ෆෝල්ඩරය තෝරන්න. මෙම උදාහරණය සදහා අපි Pictures ෆෝල්ඩරය භාවිත කරමු.
අදාල ෆෝල්ඩරය තෝරා OK කරන්න. එවිට Directory ලෙස දක්වා ඇති කොටුව තුල අදාල ගොනුව පිහිටා ඇති ස්ථාණය පෙන්වනු ඇති.
Share name එක ලෙස කැමති නමක් ඔබට ලබාදිය හැක. දුරස්ථ පරිගණකයක සිට සම්බන්ධවන පරිශීලකයාට මෙම ෆෝල්ඩරය පෙන්වන්නේ ඔබ Share name ලෙස ලබාදෙන නමෙනි. Visible ලෙස දක්වා ඇති option එක නොවරදවාම තෝරන්න. ඔබට දුරස්ථ පරිගණකයක සිට මෙම ෆෝල්ඩරයට ගොනු එකතුකිරීමට අවශ්‍ය නම් පමණක් Writable සැකසීම තෝරන්න. අවසාන වශයෙන් OK කරන්න.
ඕබ එකතු කරන ලද ෆෝල්ඩරය සාර්ථකව එකතු වී තිබෙනු දැකගත හැකිය.
දැන් ඔබට මෙම පරිගණකය සම්බන්ධ ජාලයට සම්බන්ධකර ඇති ඕනෑම පරිගණකයක් භාවිත කර Pictures ෆෝල්ඩරයේ අන්තර්ගතය පරික්ෂා කලහැකිය. ඒ සඳහා ඔබ Share කල ෆෝල්ඩරය ඇති පරිගණකයේ IP ලිපිනය දැනගත යුතුය. “පරිගණක ජාලයකට සම්බන්ධවන්නේ කෙසේද” හී විස්තර කර ඇති ආකාරයට විධාන පුවරුවේ ipconfig ලෙස විධානය ලබාදීමෙන් ඔබට IP ලිපිනය සොයාගතහැක.
ස්තුතිය : ලසන්ත මහතාට
ස්තුතිය : ලසන්ත මහතාට
ඉසුරු ලිනක්ස් භාගත කර ගැනීම
ඉසුරු ලිනක්ස් භාගත කර ගැනීම
නවතම සංස්කරණය වන ඉසුරු ලිනක්ස් 16.04 සඳහා මතු දැක්වෙන අවම පද්ධති අවශ්‍යතා නිර්දේශ කර ඇත.Architecture: IA-32, AMD64
Processor: 2 GHz Dual Core processor
RAM: 2 GB
Hard Disk Space: 25 GB (30 GB නිර්දේශකරනවා)
Resolution: 1024 X 768
භාගත කර ගැනීමට මෙම සබැඳිය වෙත යන්න.....
Epoptes Server හඳුනාගනිමු
Epoptes Server හඳුනාගනිමු
හර්ෂ ජානකගේ ලිපියක්......පරිගනක විද්‍යාගාරයක පරිගනක ක්‍රියාකාරකම් කලමනාකරනය සදහා බෙහෙවින් ඉවහල්වන මෘදුකාංගයක් ඉසුරු ලිනක්ස් පරිගනකය තුල ස්තාපනය කර ඇත. මෙයින් ඔබට පහත අවශ්‍යතා සම්පුර්ණ කර ගත හැකිය.

- සිසුන්ගෙ පරිගනක ක්‍රියාකාරකම් අදීක්ශනය කිරීම.
- ගුරුවරයාට ඔහුගේ ක්‍රියාකාරකම් අන් සිසුන්ට එකවර දර්ශනය කිරීමට ඇති හැකියාව.
- Multimedia එකක් නොමැති විට ඉගෙනම් ක්‍රියාකාරකම් වලට ප්‍රයෝජනවත් වී
- පරිගනක එකවර shutdown කිරීමේ හැකියාව යනාදිය දැක්විය හැක.
Epoptes Server එක ස්ථාපනය කිරීම
පහත විධානය භාවිත කර epoptes පරිගනකයට ස්තාපනය කරගන්න. (මෙය ඔබගේ epoptes server එක ලෙස සැලකිය යුතුයි. තවද server එක සදහා IP address එකක්ද ලබා දි තිබිය යුතුය.) උදා.192.168.1.2/24 )- apt-get install epoptes එය පරිගණකයට ස්ථාපනය වූ පසු පහත ආකාරයට epoptes users group එකක් එකතු කර ගන්න.
- මේ සදහා පහත විධානය භාවිත කරන්න. sudo gpasswd -a username epoptes (මෙම විධානය භාවියෙයන් පසු පරිගණකයෙන් log off වී logon වෙන්න)
ඔබ ඉසුරු ලිනක්ස් පරිගනකමේ පිහිටුවා ඇති Software Centre එකට ගොස් USERS AND GROUPS ටූල් එක search කර ස්ථාපනය කර ගන්න.(මෙම tool එක ස්ථාපනයෙන් පසු පරිගණකයෙන් log off වී logon වන්න.
ඉන්පසු dash එක මත click කර users and groups තෝරා ගන්න.මෙහි දී ඔබට ඉතා පහසුවන් epoptes group එක එකතු කර ගත හැක . මෙම group එක එකතු කිරීමෙන් පසු පරිගණකයෙන් log off වී
logon වන්න .
විද්‍යාගාරයේ සෙසු පරිගණක වලට epoptes client ස්ථාපනය කරමු.
සෙසු පරිගණක වලටද සුදුසු පරිදි ip adderss ලබා දී තිබිය යුතුය. උදා.192.168.1.3 /24පහත විධානය භාවිත කර epoptes-client විද්යාගාරයේ සෙසු පරිගණක වලට ස්ථාපනය කර ගන්න.
192.168.1.4/24 ...................................ලෙස.
- sudo apt-get install epoptes-client මෙය ස්ථාපනය වූ පසු පහත විධානය භාවිතමයන් epoptes default මගානුව සියළු client පරිගණක වල සංස්කරණය කරන්න. sudo gedit /etc/default/epoptes-client epoptes-client ගොනුව පහත අකාරයට සංස්කරණය කරන්න
- Insert epoptes server ip
SERVER=192.168.1.2 (SERVER යන්න ඉදිරියෙන් # ලකුණ ඇත්නම් එය ඉවත් කරන්න.දැන් ඔබ epoptes server එකෙන් එක් එක් clietnt පරිගණක සඳහා certificates ලබා ගත යුතුය.ඒ සදහා ඔබ සෑම client පරිගනකයින්ම පහත විධානය ලබා දිය යුතුය.
- sudo epoptes-client -c
(මෙයින් සිදු වන්නේ OpenSSL certificate epoptes server එක මගින් ලබා ගැනීමයි)
විවෘත මෘදුකාංග සහ නිදහස් මෘදුකාංග යනු කුමක් ද?
විවෘත මෘදුකාංග සහ නිදහස් මෘදුකාංග (Free and Open Source software)
උපුටා ගැනීම ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත
නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග යනු ඕනැම කෙනෙකුට නිදහසේ ලබා ගැනිමටත්, අධ්‍යයනය කිරිමටත්, තව දුරටත් වැඩි දියුණු කර බෙදා හැරිමටත් හැකි වන පරිදි මෘදුකාංගය සකස්වී ඇති පරිගණක ක්‍රමලේඛන කේත ලබා දෙන මෘදුකාංග වේ. මෙම යොමුවිම මගින් භාවිත කරන්නන් ගේ විශ්වාසයත්, ගෞරවයත්,ප්‍රශංසාවත් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග වෙත හිමි වී ඇත. 'FOSS' යන ඉංග්‍රිසි නාමය නිදහස් මෘදුකාංග හා විවෘත මෘදුකාංගවලට පොදුවේ භාවිත වේ. මේ දෙවර්ගය සමාන කාර්යයක් ඉටුකරන නමුත් වෙනස් සංකල්ප වලින් සමන්විත වේ. නිදහස් මෘදුකාංග වල අරමුණ පරිගණක භාවිත කරන්නන්ගේ නිදහස ආරක්ෂා කිරිම වන අතර, විවෘත මෘදුකාංග නිදහස් කේත මගින් භාවිත කරන්නන් අතර දැනුම හුවමාරුවත්, ඒ මගින් වඩාත් කාර්යක්ෂම නිර්මාණයක් එළිදැක්වීමටත් කටයුතු කරයි. නමුත් බොහෝ විට මෙම වෙනස පිළිබඳව නිසි සැලකීමක් නොදැක්වේ.නිදහස් මෘදුකාංග බලපත්‍ර හා විවෘත මෘදුකාංග බලපත්‍ර බොහෝ මෘදුකාංග පැකේජයන් විසින් භාවිත කරනු ලබයි. මෙම බලපත්‍ර අතර ඉතා පැහැදිලි වෙනසක් ඇත. මෙම බලපත්‍ර එම මෘදුකාංග භාවිත කිරීමේ ශාස්ත්‍රය පැහැදිලි කරයි.නිදහස් මෘදුකාංග ලාංඡනය
නිදහස් මෘදුකාංග පදනම මගින් අර්ථ දක්වා ඇති අන්දමට නිදහස් මෘදුකාංග යනු බාධාවකින් තොරව භාවිත කිරීමට, පිටපත් කිරීමට, අධ්‍යයනය කිරීමට, වෙනස් කිරීමට හා යළි බෙදා හැරීමට හැකි මෘදුකාංග වේ. මෘදුකාංගයක්, නිදහස් මෘදුකාංගයක් ලෙස බෙදා හැරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ මෘදුකාංගය එය ලබන්නා වෙත නිදහස් මෘදුකාංග බලපත්‍රයක් සමග ලියාපදිංචි කිරීම හෝ (Public domain තුළ වීම) සහ මෘදුකාංගයෙහි මූල කේතය මුදා හැරීම වේ.
සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකුට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ලබන්නා වෙතට මෘදුකාංග සමඟ පත්කළ යුතුය. මෙම අවසර පත “නිදහස් මෘදුකාංග අවසරපත” නම් වන අතර එමගින් කියැවෙන්නේ අදාල මෘදුකාංගයේ කේත මහජනකරණය කළ බවයි. සෑම පරිගණක භාවිත කරන්නකුටම නිදහස ලබා දීමේ උදාර චේතනාවෙන් මෙම “නිදහස් මෘදුකාංග ව්‍යාපාරය” 1983දී රිචඩ් ස්ටෝල්මන් (Richard Stallman) විසින් ඇරඹීය. 1990 ගණන්වල සිට මේ ආකාරයේ මෘදුකාංග හඳුන්වනු ලබන්නේ “විවෘත මූලාශ්‍ර මෘදුකාංග” Open source software" යන යෙදුමෙනි. තවද FOSS සහ FLOSS" යන යෙදුම්ද නිතරම භාවිත වේ. එසේම “නිදහස් නොවන මෘදුකාංග” යන යෙදුම් ඊට විරුද්ධාර්ථ පදයයි. අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගත හැකි මෘදුකාංග (freeware) වලින් නිදහස් මෘදුකාංග වෙනස් වේ. නිදහස් මෘදුකාංග වලට හිමිකාරීත්වයක් ලැබීම මෙම වෙනසයි. එසේම නිදහස් මෘදුකාංග මෙන් අන්තර්ජාලයෙන් මුදල් ගෙවිමකින් තොරව ලබා ගන්නා මෘදුකාංග අධ්‍යයනයට,නවීකරණයට පෙර නැවත බෙදාහැරීමට පරිශීලකයාට හැකි නොවේ. මෙම වර්ග දෙක අතර ඇති එකම සමානකම වන්නේ ඕනෑම අයෙකුට භාවිත කිරීමට හැකිවීම පමණි. නිදහස් මෘදුකාංග නොමිලේ බෙදාහැරීම ඇරඹූ දා සිටම එය ගාස්තුවක් අය නොකර හෝ ඉතාම අවම ගාස්තුවක් අයකරගෙන ලබාදේ. නිදහස් මෘදුකාංග ව්‍යාපාර ආකෘති පදනම්ව ඇත්තේ සහාය ලබාදීමේ,පුහුණු කිරීමේ, නවීකරණ කිරීමේ, ඒකාබද්ධවීම් හෝ ගතිකකිරීම් වැනි වටිනාකම් එක් කිරීමෙනි. එමෙන්ම සමහර ව්‍යාපාර ආකෘති හරහා හිමිකාරීත්ව මෘදුකාංග ලබා දුන්නද ඒවා නිදහස් මෘදුකාංග වලින් වෙනස් වන්නේ එකී හිමිකාරීත්ව මෘදුකාංග නීත්‍යානුකූලව භාවිතයට ලබා ගත යුතු අවසර පත්‍රය ගෙවීමකින් අනතුරුව ලබාගත යුතු නිසාවෙනි.
පරිගණක මෘදුකාංග හඳුනාගනිමු
පරිගණක මෘදුකාංග (Computer Software)
උපුටාගැනීම - ඉසුරු ලිනක්ස් ගුරුපහුණු අත්පොත
පරිගණක ඇසුරු කර ගනිමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගවත් ඉදිරි ගමනක යෙදීමේ දී පරිගණක දෘඩාංග පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඒවායේ සංවර්ධන ප්‍රවණතාවන්ට සමගාමීව එම උපකරණ මත ක්‍රියාකරවන තොරතුරු හා උපදෙස් මාලාවන් ද යම් යම් තාක්ෂණානූකූලව බිහිවිය. මේවා පරිගණක මෘදුකාංග ලෙස පසුකලක වර්ග කරනු ලැබීය.


පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිත කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operating System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Systems) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
දෘඩාංග හා මෘදුකාංග.
දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ෂව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය. එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංග අනුවය.
මෘදුකාංග යනු එය ක්‍රියාත්මක වන දෘඩාංග සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
මෘදුකාංගයක් පරිගණකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිළිවෙලට (Sequence) මධ්‍ය සැකසුම් ඒකකයට (Central Processing Unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ෂ්මතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.
මෘදුකාංග වර්ගකරණය දැක්වෙන රුක් සටහන.
පරිගණකයෙන් යම් කාර්යයක් ඉටුකරවා ගැනීම සඳහා එයට අවශ්‍ය දත්ත පමණක් ලබාදීම නොසෑහේ. ඒ සඳහා එම දත්ත හැසිරවිය යුතු ආකාරය අනුක‍්‍රමිකව පරිගණකයට තේරෙන උපදෙස් මාලාවක් ලෙසින් ලිවිය යුතුය.
Tuesday, July 19, 2016
Subscribe to:
Posts (Atom)


