ISURU LINUX ඉසුරු ලිනක්ස්

මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Tuesday, August 16, 2016

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන්නේ මෙහෙමයි.

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරගැනීම සඳහා Virtual පරිගණකයක් සකස් කරන හැටි
ඉසුරු ලිනක්ස් කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය (ඉසුරුපාය) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් නිර්මාණය කර බෙදා හරින උබුන්ටු පාදක කරගත් පරගණක මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නෙ ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නෙ උබුන්ටු සම්මිශ්‍රණය කරලා පාසල් සිසුන්ගෙ අධ්‍යාපන කටයුතු වලට යොදාගන්න පුළුවන් විදියට. පාසල් සිසුන්ට අවශ්‍ය මෘදුකාංග රැසක් මෙහි අන්තර්ගත කරලා තියෙනවා.
 
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා තියෙන අයට මේක භාවිතා කරන්න ඉතා පහසුයි. ලිනකස් භාවිතා කරලා නැති අයට උනත් මේක අත්හදා බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඉසුරු ලිනක්ස් භාවිතා කරලා Virtual machine එකක් සකස්කර ගන්න එක. VM ware workstation, Virtual Box වගේ virtualization මෘදුකාංගයක් බාවිතා කරලා අපිට virtual පරිගණකයක් සකස් කරගන්න පුළුවන්. අපි Hard Disk, Ram ,Processor, VGA  එකතු කරලා හදාගන්න Physical Computer එකක් වගේම ක්‍රියා කරන පරිගණකයක් මේ virtualization මෘදුකාංග භාවිතා කරලා අපිට හදාගන්න පුළුවන්. ඇත්තටම Virtual Computer  එකකදි වෙන්නෙ පරිගණකයක් උඩ තවත් පරිගණකයක් ක්‍රියාත්මක කිරීම වගේ වැඩක්. ඒ කියන්නෙ එක මෙහෙයුම් පද්දතියක් උඩ තවත් මෙහෙයුම් පද්දතියක් ක්‍රියාකරවන්න පුළුවන් වීමක්. අපි මෙහිදි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ VM ware workstation මෘදුකාංගය. මේ මෘදුකාංගය මිලදී ගන්න ඕන එකක් උනත් අධ්‍යාපනය ලබන අයට සිසුන් වෙනුවෙන් සකස් කල සංස්කරණයක් නොමිලයේ ලබා ගන්න පුළුවන්.

ප්‍රථමයෙන්ම  VM ware පරිගණයකට ස්ථාපනය (install) කර ගන්න ඕන. ඊට පස්සෙ

Start -> Allprogram -> VM workstation මගින් හරි VM workstation අයිකන් එක මත double click කිරීමෙන් හරි විවෘත කර ගන්න පුළුවන්.

එවිට මෙලෙස වින්ඩෝවක් ලැබෙනවා.
මෙතනින් තමයි virtual machine එක සකස් කරගන්න තියෙන්නෙ. ඒ සඳහා File -> New virtual machine
මගින් හරි Create a New virtual machine මත ක්ලික් කිරීම සිදුකරන්න ඕන.

ඊට පසුව virtual machine Type එක තොරන්න ඕන Typical අවස්ථාව තොරගන්න එක පහසුයි.
ඊට පසුව කරන්න තියෙන්නෙ මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරන ආකාරය ලබා දෙන්න. සාමාන්‍යයෙන් අපි මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්නෙ මෙහෙයුම් පද්ධතිය අඩංගු Bootable CD / DVD තැටියක් භාවිතා කිරීමෙන්. නමුත් මෙහිදි අපි භාවිතා කරන්නෙ මෘදුකාංගයක් නිසා Bootable CD / DVD තැටියක් භාවිතා කරලා virtual machine එකට මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරනවා වගේම මෙහෙයුම් පද්ධතිය අඩංගු .iso ගොනුව භාවිතා කරලත් මෙහෙයුම් පද්ධතිය install කරගන්න පුළුවන්. අපි මෙහිදි බාගත කරගත් ඉසුරු ලිනක්ස් .iso ගොනුව භාවිතා කරලා තමයි ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය install කරන්න යන්නෙ. අපිට පහසුම ආකාරය ඒක. අපිට මෙතනදිම .iso ගොනුව අපේ පරිගණකයෙ ගබඩා කරලා තියෙන ස්ථානය ලබා දෙන්න පුළුවන්. නමුත් අපිට පාලනයක් සහිතව install කරගන්න අවශ්‍ය නිසා අපි පසුව එය ලබා දීමට I will install Operating system යන්න තෝරලා Next කරනවා.
ඊලඟට කරන්න තියෙන්නෙ අපි ස්ථාපනය කරන මෙහයුම් පද්ධතිය හා එහි වර්ගය තෝරන එක. මෙහිදි අපි install කරන ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය Linux මෙහෙයුම් පද්ධතියක් නිසා Guest Operating System යටතේ ඇති මෙහෙයුම් පද්ධති වර්ග අතරින් අපි Linux යන්න තොරන්න ඕන. ඊට පස්සෙ Version යටතේ ඇති විවිධ linux distributions අතරින් අපට අවශ්‍ය එක තොරගන්න ඕන. ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අපේ රටේ හදපු එකක් නිසා මෙහි ඇති linux distributions අතර ඉසුරු ලිනක්ස් කියලා එකක් නෑ. ඒ නිසා අපට වඩාත් ගැලපෙන Ubuntu linux distributions එක අපි තොරන්න ඕන.
ඊට පසුව virtual machine සුදුසු නමක් (මෙහිදි කැමති ඕනෑම නමක් ලබාදිය හැකිය) හා virtual machine අපේ පරිගණකයේ Save වෙන්න ඕන තැන ලබා දෙන්න ඕන. මෙම තැන ලබා දීමේදි Physical Hard disk එකේ ප්‍රමානවත් හිස් ඉඩ ප්‍රමානයක් ඇති partition එකක folder එකක් සාදා එහි Save කර ගන්න ඕන. අඩුම වශයෙන් 40GB  free space වත් තියෙනවා නම් හොදයි. මම දීලා තියෙන්නෙ E partition එකේ Asiru කියන folder එක ඇති Isuru ලෙස folder එකක් සකස් කරලා එයතුල virtual machine එක Save වෙන විදියට.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ virtual machine එක සඳහා අවශ්‍ය Hard disk එකට ප්‍රමානයක් ලබා දෙන එක. අපි මෙතනින් විශාල ඉඩක් ලබා දුන්නා කියලා ඒ ඉඩ Physical Hard disk එකෙන් අඩුවෙන්නෙ අපි වෙන් කරන සම්පූර්ණ ප්‍රමානයම භාවිතා කරනවා නම් විතරයි. මේ නිසා තරමක් ඉඩක් වෙන් කරා කියලා ගැටළුවක් නෑ. මේ නිසා 40 GB වගේ වෙන් කරන එක හොඳයි. අඩුම ගානෙ 20 GB වත් තියෙන්නම ඕන. ඊට පස්සෙ store virtual disk as a single file යන්න තොරන්න. මේ Option එක තෙරීමෙන් මුළු virtual disk එකම තනි file එකක් විදියට තමයි සකස් වෙන්නෙ. මේ නිසා අපිට මේ virtual machine එක Pen Drive එකක වගේ දාගෙන ගිහින් ඉතා පහසුවෙන් වෙනත් පරිගනකයක භාවිතා කරන්න පුළුවන්.

ඊට පස්සෙ අපි සකස් කරගත් virtual machine එකේ විස්තර සාරාංශයක් දකින්න පුළුවන්. අවශ්‍ය නම් මෙහි තියෙන customize buttons මත click කරලා වෙනස් කම් කරන්න පුළුවන්. ඊට පස්සෙ Finishමත click කරලා නිමා කරන්න පුළුවන්

Finish කලාට පස්සෙ අපි සකස් කරගත් ඉසුරු ලිනක්ස් virtual machine එක vmware workstation my computer tab එක යටතෙ දකින්න පුළුවන්. අපි Finish කලත් අපි මග ඇරලා ආපු සැකසුම් කිහිපයක් සකස් කරන්න මේ ඉසුරු ලිනක්ස් virtual machine එක මත right click කරලා Setting මත click කරන්න ඕන.

දැන් අපිට මෙතතින් ඕනැම සැකසුමක් කරන්න පුළුවන්. Memory මත click කරලා virtual machine එක සඳහා අවශ්‍ය මතක ප්‍රමාණය( Ram) සකස්කරන්න පුළුවන්. මෙහිදි ඔබේ පරිගනකයෙ Physical Memory එක අනුව සුදුසු අගයක් දෙන්න පුළුවන් අඩුම වශයෙන් 2GB වත් ලබා දෙන්න අවශ්‍යයයි. ඔබේ පරිගනයෙ Ram අගයට වඩා වැඩි අගයක් දුන්නොත් ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. මේ නිසා virtual Memory ලබා දෙනවිට Physical machine ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය Ram ප්‍රමාණය ඉතිරි කරලා ලබා දෙන්න ඕන. මෙහි තියෙන ඊතලය එහා මෙහා කිරීමෙන් අගයන් සකස් කරන්න පුළුවන්.

ඊට පසුව අපි ඉසුරු ලිනක්ස් .iso අපේ පරිගණකයෙ ගබඩා කර ඇති ස්ථානය ලබා දෙන්න ඕන. CD DVD මත click කරලා ඊට පස්සෙ browse මත click කරලා පරිගකයේ එය ඇති ස්ථානය සොයා දෙන්න.


ඊට පස්සෙ virtual machine එකට Physical machine එකේ ජාල සැකසුම් (network configuration ) ම භාවිතා කරන්න හැකිවෙන්න එලෙස භාවිතා කිරීමට අවශ්‍ය සැකසුම් සකස් කරන්න
මේ සඳහා network connection bridge කරන්න ඕන

දැන් ok කරන්න. දැන් ඉසුරු ලිනක්ස් install කරන්න virtual machine එක සූදානම්.
දැන් power on virtual machine මත click කරලා වැඩ ආරම්භ කරන්න පුළුවන්.
අපි මෙතනදි භාවිතා කරපු VMware බහුලම භාවිතා වන virtualization මෘදුකාංගයක්.මෙහි  වර්ග 2ක් දකින්න පුළුවන්  VMware Player හා VMware Workstation. විදියට. VMware Player වලින් කරන්න පුළුවන් වැඩ සීමිතයි. VMware Workstation.   වාණිජ මට්ටමින් බහුලව භාවිතා වන විශාල කාර්යන් ප්‍රමාණයක් කරගන්න පුළුවන් ආකාරයට සකස් කරලා තියෙනවා. මෙය ලබා ගන්න නම් මුදල් ගෙවන්න ඕන. මේ අකාරයේම පහසුකම් තියෙන Oracle සමාගමේ Virtualbox  මෘදුකාංගය නිදහස් මෘදුකාංගයක් නිසා අපට නොමිලයේම ලබා ගන්න පුළුවන්. නොමිලයේ ලබා දුන්නත් එය පහසුකම් අතින් ඉහලින්ම පවතින මෘදුකාංගයක්. අවශ්‍ය අයට මෙය ලිනක් මෙහෙයුම් පද්ධතියක් මත උනත් පහසුවෙන් ස්ථාපනය කරගන්න පුළුවන්. Virtualbox  මෘදුකාංගය මගින් ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන ආකාරය වගේම ඉසුරු ලිනක්ස් මත Virtualbox  මෘදුකාංගය ස්ථාපනය කරලා Virtual PC  එකක් සකස් කරගන්න ආකාරයත් ඉදිරියෙදි කතා කරන්න පුළුවන්. එවිට මේ පිලිබඳව තවදුරටත් වැටහෙයි. මීට අමතරව ලිනක්ස් වලදි ඉතාම පහසුවෙන් කාර්යක්ෂමව වැඩකරන්න පුළුවන් virtualization මෘදුකාංගත් තියෙනවා.QEMU (QEMU is a generic and open source machine emulator and virtualizer.) එවැනි මෘදුකාංගයක්. මෙය KVM system ( Kernel-based Virtual Machine) එකක්. මේ නිසා  Hardware සමග සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කිරීමේ හැකියාව මේ වර්ගයේ virtualization මෘදුකාංග වලට පුළුවන්. මේවා භාවිතය තරමක් අසීරු නිසා බහුලව භාවිතා වෙන්නෙ නෑ. අපිට ඒ ගැන ඉදිරියෙදි කතා කරන්න පුළුවන්. 
මේ නිසා දැන් ඔබටත්  ඉතාම පහසුවෙන් ඉසුරු ලිනක් භාවිතා කරන්න පුළුවන්. ඒවගේම ලිනක්ස් වලට හුරුවෙන්නත් මේක ඉතා හොඳ අවස්ථාවක්.