මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Tuesday, July 26, 2016

පරිගණක මෘදුකාංග හඳුනාගනිමු

පරිගණක මෘදුකාංග (Computer Software)

උපුටාගැනීම - ඉසුරු ලිනක්ස් ගුරුපහුණු අත්පොත
පරිගණක ඇසුරු කර ගනිමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගවත් ඉදිරි ගමනක යෙදීමේ දී පරිගණක දෘඩාංග පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඒවායේ සංවර්ධන ප්‍රවණතාවන්ට සමගාමීව එම උපකරණ මත ක්‍රියාකරවන තොරතුරු හා උපදෙස් මාලාවන් ද යම් යම් තාක්ෂණානූකූලව බිහිවිය. මේවා පරිගණක මෘදුකාංග ලෙස පසුකලක වර්ග කරනු ලැබීය.

පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිත කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operating System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Systems) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.

දෘඩාංග හා මෘදුකාංග.

දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ෂව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය. එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංග අනුවය. 
මෘදුකාංග යනු එය ක්‍රියාත්මක වන දෘඩාංග සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
 මෘදුකාංගයක් පරිගණකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිළිවෙලට (Sequence) මධ්‍ය සැකසුම් ඒකකයට (Central Processing Unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ෂ්මතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.
මෘදුකාංග වර්ගකරණය දැක්වෙන රුක් සටහන.
පරිගණකයෙන් යම් කාර්යයක් ඉටුකරවා ගැනීම සඳහා එයට අවශ්‍ය දත්ත පමණක් ලබාදීම නොසෑහේ. ඒ සඳහා එම දත්ත හැසිරවිය යුතු ආකාරය අනුක‍්‍රමිකව පරිගණකයට තේරෙන උපදෙස් මාලාවක් ලෙසින් ලිවිය යුතුය. 

No comments:

Post a Comment