මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Wednesday, July 27, 2016

Isuru Linux තියෙන පරිගණකයක User ගේ Password එක අමතක වුනොත් මොකද කරන්නේ....

Single User Mode ගිහිං ඒකෙන් root එකවුන්ට් එකට ලොග් වෙලා එතනින් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවං.

රසික නානායක්කාරගේ ලිපියක්.....
Single User Mode යන විදිය
කම්පියුටර් එක රීස්ටාට් කරලා Shift key එක ඔබාගෙන ඉන්න. ඒකෙදි එන GRUB මෙනු එකෙන් recovery console එකට යන එන්ට්‍රි එක තෝරන්න.

ඊළඟට එන මෙනු එකෙන් Drop to Root Shell කියන ඔප්ෂන් එක තෝරන්න්න.
දැං ඔබ ලොග් වෙන්නේ root යූසර් විදියටයි.

වැදගත්:
සාමාන්‍යෙන් උබුන්ටු හෝ ඒ හා සමාන OS එකේ Desktop Edition එකකදි root user පාස්වර්ඩ් එකක් අපි දෙන්නේ නැහැ. එහෙම root පාස්වර්ඩ් එකක් දෙන්න තැනක් සෙටප් එකේදි එන්නෙත් නැහැ. ඒ නිසා ගොඩාක් වෙලාවට මෙතනදී කෙළින්ම root විදියට ලොග් වෙන්න පුළුවනි.
Red Hat, CentOS, Fedora වගේ OS එකකදී root පාස්වර්ඩ් එක සෙටප් එකේදිම දෙන්න වෙනවා. ඒ නිසා username එක අමතක උනේ මේ වගේ සිස්ටම් එකකදී නං, root පාස්වර්ඩ් එ නොදැන ආයේ ඒක ගොඩ දාන්න බැහැ.

කරන විදිය.

root යූසර් විදියට ලොග් උනාට පස්සේ,
passwd කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා පාස්වර්ඩ් එක වෙනස් කරන්න තියෙන්නේ.

$ passwd <User Name>
මෙතන යූසර් නේම් කියන තැන <> දෙක නැතුව අර අපිට පාස්වර්ඩ් අමතක වෙච්ච යූසර්ගේ යූසර්නේම් එක තමා දෙන්න ඕනේ.
ඊට පස්සේ දෙපාරක් විතර අලුත් පාස්වර්ඩ් එක එන්ටර් කරන්න දෙනවා.
එච්චරයි.
$ reboot කමාන්ඩ් එකෙන් ආයෙත් රීස්ටාට් කරන්න පුළුවනි.

අපි හිතමු, අපිට යූසර් නේම් එකත් මතක නෑ කියලා.
එතකොට යූසර්ව හොයාගන්නේ කොහොමද?

ලිනක්ස් සිස්ටම්වල යූසර් ඉන්ෆෝමේෂන් සේව් වෙලා තියෙන්නේ /etc/shadow කියන ෆයිල් එකේ. අපිට cat කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා ඒ ෆයිල් එකේ තියෙන දේවල් බලාගන්න පුළුවනි.

$ cat /etc/shadow කමාන්ඩ් එකෙන් shadow ෆයිල් එකේ තියෙන යූසර් නේම්ස් ටික අපිට බලාගන්න පුළුවනි. ගොඩක් වෙලාවට අපි අලුතෙන් හදන යූසර්ලාගේ නම් තියෙන්නේ මේ ෆයිල් එකේ පල්ලෙහාටම වෙන්න.

No comments:

Post a Comment