ISURU LINUX ඉසුරු ලිනක්ස්

මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Contact

Contact

මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පුහුණු කරන ලද විශේෂිත ඉසුරු ලිනක්ස් කණ්ඩායමක් පිහිටුවා ඇත. ජාතික මට්ටමින් මෙන්ම පළාත් මට්ටමින් පුහුණු කරමින් ගොඩනගන මෙම කණ්ඩායම ඔස්සේ කලාප සහ පළාත් මට්ටමින් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමේ දී ඇති වන ප්‍රායෝගික ගැටළු නිරාකරණය කිරීමට මෙන් ම මඟ පෙන්වීම සිදු කරනු ලබයි.

මෙම ගුරුවරුන් පුහුණු කිරීම් සඳහා මෙන් ම දෝෂ නිරාකරණය සඳහා විවෘත මෘදුකාංග භාවිත කරන ප්‍රජාවගෙන් ලැබෙන සුවිශේෂ සහය අති විශාල වන අතර ඔවුන්ගේ සහය සඳහා ෆෝරමය හෝ සමාජ ජාල වෙබ් අඩවි (පිටුව) භාවිතා කල හැකිය.

මීට අමතරව ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල සිටින ගුරුවරුන්ගේ නිදහස් හා විවෘත පරිගණක මෘදුකාංග පිළිබද දැනුම වර්ධනය කිරීමට "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" නමින් ගුරු පුහුණු පොතක් ද ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකසා, මුද්‍රණය කර ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල බෙදා හැර ඇත.

No comments:

Post a Comment