ISURU LINUX ඉසුරු ලිනක්ස්

මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Tuesday, August 16, 2016

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන්නේ මෙහෙමයි.

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරගැනීම සඳහා Virtual පරිගණකයක් සකස් කරන හැටි
ඉසුරු ලිනක්ස් කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය (ඉසුරුපාය) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් නිර්මාණය කර බෙදා හරින උබුන්ටු පාදක කරගත් පරගණක මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නෙ ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නෙ උබුන්ටු සම්මිශ්‍රණය කරලා පාසල් සිසුන්ගෙ අධ්‍යාපන කටයුතු වලට යොදාගන්න පුළුවන් විදියට. පාසල් සිසුන්ට අවශ්‍ය මෘදුකාංග රැසක් මෙහි අන්තර්ගත කරලා තියෙනවා.
 
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා තියෙන අයට මේක භාවිතා කරන්න ඉතා පහසුයි. ලිනකස් භාවිතා කරලා නැති අයට උනත් මේක අත්හදා බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඉසුරු ලිනක්ස් භාවිතා කරලා Virtual machine එකක් සකස්කර ගන්න එක. VM ware workstation, Virtual Box වගේ virtualization මෘදුකාංගයක් බාවිතා කරලා අපිට virtual පරිගණකයක් සකස් කරගන්න පුළුවන්. අපි Hard Disk, Ram ,Processor, VGA  එකතු කරලා හදාගන්න Physical Computer එකක් වගේම ක්‍රියා කරන පරිගණකයක් මේ virtualization මෘදුකාංග භාවිතා කරලා අපිට හදාගන්න පුළුවන්. ඇත්තටම Virtual Computer  එකකදි වෙන්නෙ පරිගණකයක් උඩ තවත් පරිගණකයක් ක්‍රියාත්මක කිරීම වගේ වැඩක්. ඒ කියන්නෙ එක මෙහෙයුම් පද්දතියක් උඩ තවත් මෙහෙයුම් පද්දතියක් ක්‍රියාකරවන්න පුළුවන් වීමක්. අපි මෙහිදි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ VM ware workstation මෘදුකාංගය. මේ මෘදුකාංගය මිලදී ගන්න ඕන එකක් උනත් අධ්‍යාපනය ලබන අයට සිසුන් වෙනුවෙන් සකස් කල සංස්කරණයක් නොමිලයේ ලබා ගන්න පුළුවන්.

ප්‍රථමයෙන්ම  VM ware පරිගණයකට ස්ථාපනය (install) කර ගන්න ඕන. ඊට පස්සෙ

Start -> Allprogram -> VM workstation මගින් හරි VM workstation අයිකන් එක මත double click කිරීමෙන් හරි විවෘත කර ගන්න පුළුවන්.

එවිට මෙලෙස වින්ඩෝවක් ලැබෙනවා.
මෙතනින් තමයි virtual machine එක සකස් කරගන්න තියෙන්නෙ. ඒ සඳහා File -> New virtual machine
මගින් හරි Create a New virtual machine මත ක්ලික් කිරීම සිදුකරන්න ඕන.

ඊට පසුව virtual machine Type එක තොරන්න ඕන Typical අවස්ථාව තොරගන්න එක පහසුයි.
ඊට පසුව කරන්න තියෙන්නෙ මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරන ආකාරය ලබා දෙන්න. සාමාන්‍යයෙන් අපි මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්නෙ මෙහෙයුම් පද්ධතිය අඩංගු Bootable CD / DVD තැටියක් භාවිතා කිරීමෙන්. නමුත් මෙහිදි අපි භාවිතා කරන්නෙ මෘදුකාංගයක් නිසා Bootable CD / DVD තැටියක් භාවිතා කරලා virtual machine එකට මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරනවා වගේම මෙහෙයුම් පද්ධතිය අඩංගු .iso ගොනුව භාවිතා කරලත් මෙහෙයුම් පද්ධතිය install කරගන්න පුළුවන්. අපි මෙහිදි බාගත කරගත් ඉසුරු ලිනක්ස් .iso ගොනුව භාවිතා කරලා තමයි ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය install කරන්න යන්නෙ. අපිට පහසුම ආකාරය ඒක. අපිට මෙතනදිම .iso ගොනුව අපේ පරිගණකයෙ ගබඩා කරලා තියෙන ස්ථානය ලබා දෙන්න පුළුවන්. නමුත් අපිට පාලනයක් සහිතව install කරගන්න අවශ්‍ය නිසා අපි පසුව එය ලබා දීමට I will install Operating system යන්න තෝරලා Next කරනවා.
ඊලඟට කරන්න තියෙන්නෙ අපි ස්ථාපනය කරන මෙහයුම් පද්ධතිය හා එහි වර්ගය තෝරන එක. මෙහිදි අපි install කරන ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය Linux මෙහෙයුම් පද්ධතියක් නිසා Guest Operating System යටතේ ඇති මෙහෙයුම් පද්ධති වර්ග අතරින් අපි Linux යන්න තොරන්න ඕන. ඊට පස්සෙ Version යටතේ ඇති විවිධ linux distributions අතරින් අපට අවශ්‍ය එක තොරගන්න ඕන. ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අපේ රටේ හදපු එකක් නිසා මෙහි ඇති linux distributions අතර ඉසුරු ලිනක්ස් කියලා එකක් නෑ. ඒ නිසා අපට වඩාත් ගැලපෙන Ubuntu linux distributions එක අපි තොරන්න ඕන.
ඊට පසුව virtual machine සුදුසු නමක් (මෙහිදි කැමති ඕනෑම නමක් ලබාදිය හැකිය) හා virtual machine අපේ පරිගණකයේ Save වෙන්න ඕන තැන ලබා දෙන්න ඕන. මෙම තැන ලබා දීමේදි Physical Hard disk එකේ ප්‍රමානවත් හිස් ඉඩ ප්‍රමානයක් ඇති partition එකක folder එකක් සාදා එහි Save කර ගන්න ඕන. අඩුම වශයෙන් 40GB  free space වත් තියෙනවා නම් හොදයි. මම දීලා තියෙන්නෙ E partition එකේ Asiru කියන folder එක ඇති Isuru ලෙස folder එකක් සකස් කරලා එයතුල virtual machine එක Save වෙන විදියට.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ virtual machine එක සඳහා අවශ්‍ය Hard disk එකට ප්‍රමානයක් ලබා දෙන එක. අපි මෙතනින් විශාල ඉඩක් ලබා දුන්නා කියලා ඒ ඉඩ Physical Hard disk එකෙන් අඩුවෙන්නෙ අපි වෙන් කරන සම්පූර්ණ ප්‍රමානයම භාවිතා කරනවා නම් විතරයි. මේ නිසා තරමක් ඉඩක් වෙන් කරා කියලා ගැටළුවක් නෑ. මේ නිසා 40 GB වගේ වෙන් කරන එක හොඳයි. අඩුම ගානෙ 20 GB වත් තියෙන්නම ඕන. ඊට පස්සෙ store virtual disk as a single file යන්න තොරන්න. මේ Option එක තෙරීමෙන් මුළු virtual disk එකම තනි file එකක් විදියට තමයි සකස් වෙන්නෙ. මේ නිසා අපිට මේ virtual machine එක Pen Drive එකක වගේ දාගෙන ගිහින් ඉතා පහසුවෙන් වෙනත් පරිගනකයක භාවිතා කරන්න පුළුවන්.

ඊට පස්සෙ අපි සකස් කරගත් virtual machine එකේ විස්තර සාරාංශයක් දකින්න පුළුවන්. අවශ්‍ය නම් මෙහි තියෙන customize buttons මත click කරලා වෙනස් කම් කරන්න පුළුවන්. ඊට පස්සෙ Finishමත click කරලා නිමා කරන්න පුළුවන්

Finish කලාට පස්සෙ අපි සකස් කරගත් ඉසුරු ලිනක්ස් virtual machine එක vmware workstation my computer tab එක යටතෙ දකින්න පුළුවන්. අපි Finish කලත් අපි මග ඇරලා ආපු සැකසුම් කිහිපයක් සකස් කරන්න මේ ඉසුරු ලිනක්ස් virtual machine එක මත right click කරලා Setting මත click කරන්න ඕන.

දැන් අපිට මෙතතින් ඕනැම සැකසුමක් කරන්න පුළුවන්. Memory මත click කරලා virtual machine එක සඳහා අවශ්‍ය මතක ප්‍රමාණය( Ram) සකස්කරන්න පුළුවන්. මෙහිදි ඔබේ පරිගනකයෙ Physical Memory එක අනුව සුදුසු අගයක් දෙන්න පුළුවන් අඩුම වශයෙන් 2GB වත් ලබා දෙන්න අවශ්‍යයයි. ඔබේ පරිගනයෙ Ram අගයට වඩා වැඩි අගයක් දුන්නොත් ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. මේ නිසා virtual Memory ලබා දෙනවිට Physical machine ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය Ram ප්‍රමාණය ඉතිරි කරලා ලබා දෙන්න ඕන. මෙහි තියෙන ඊතලය එහා මෙහා කිරීමෙන් අගයන් සකස් කරන්න පුළුවන්.

ඊට පසුව අපි ඉසුරු ලිනක්ස් .iso අපේ පරිගණකයෙ ගබඩා කර ඇති ස්ථානය ලබා දෙන්න ඕන. CD DVD මත click කරලා ඊට පස්සෙ browse මත click කරලා පරිගකයේ එය ඇති ස්ථානය සොයා දෙන්න.


ඊට පස්සෙ virtual machine එකට Physical machine එකේ ජාල සැකසුම් (network configuration ) ම භාවිතා කරන්න හැකිවෙන්න එලෙස භාවිතා කිරීමට අවශ්‍ය සැකසුම් සකස් කරන්න
මේ සඳහා network connection bridge කරන්න ඕන

දැන් ok කරන්න. දැන් ඉසුරු ලිනක්ස් install කරන්න virtual machine එක සූදානම්.
දැන් power on virtual machine මත click කරලා වැඩ ආරම්භ කරන්න පුළුවන්.
අපි මෙතනදි භාවිතා කරපු VMware බහුලම භාවිතා වන virtualization මෘදුකාංගයක්.මෙහි  වර්ග 2ක් දකින්න පුළුවන්  VMware Player හා VMware Workstation. විදියට. VMware Player වලින් කරන්න පුළුවන් වැඩ සීමිතයි. VMware Workstation.   වාණිජ මට්ටමින් බහුලව භාවිතා වන විශාල කාර්යන් ප්‍රමාණයක් කරගන්න පුළුවන් ආකාරයට සකස් කරලා තියෙනවා. මෙය ලබා ගන්න නම් මුදල් ගෙවන්න ඕන. මේ අකාරයේම පහසුකම් තියෙන Oracle සමාගමේ Virtualbox  මෘදුකාංගය නිදහස් මෘදුකාංගයක් නිසා අපට නොමිලයේම ලබා ගන්න පුළුවන්. නොමිලයේ ලබා දුන්නත් එය පහසුකම් අතින් ඉහලින්ම පවතින මෘදුකාංගයක්. අවශ්‍ය අයට මෙය ලිනක් මෙහෙයුම් පද්ධතියක් මත උනත් පහසුවෙන් ස්ථාපනය කරගන්න පුළුවන්. Virtualbox  මෘදුකාංගය මගින් ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන ආකාරය වගේම ඉසුරු ලිනක්ස් මත Virtualbox  මෘදුකාංගය ස්ථාපනය කරලා Virtual PC  එකක් සකස් කරගන්න ආකාරයත් ඉදිරියෙදි කතා කරන්න පුළුවන්. එවිට මේ පිලිබඳව තවදුරටත් වැටහෙයි. මීට අමතරව ලිනක්ස් වලදි ඉතාම පහසුවෙන් කාර්යක්ෂමව වැඩකරන්න පුළුවන් virtualization මෘදුකාංගත් තියෙනවා.QEMU (QEMU is a generic and open source machine emulator and virtualizer.) එවැනි මෘදුකාංගයක්. මෙය KVM system ( Kernel-based Virtual Machine) එකක්. මේ නිසා  Hardware සමග සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කිරීමේ හැකියාව මේ වර්ගයේ virtualization මෘදුකාංග වලට පුළුවන්. මේවා භාවිතය තරමක් අසීරු නිසා බහුලව භාවිතා වෙන්නෙ නෑ. අපිට ඒ ගැන ඉදිරියෙදි කතා කරන්න පුළුවන්. 
මේ නිසා දැන් ඔබටත්  ඉතාම පහසුවෙන් ඉසුරු ලිනක් භාවිතා කරන්න පුළුවන්. ඒවගේම ලිනක්ස් වලට හුරුවෙන්නත් මේක ඉතා හොඳ අවස්ථාවක්.



Thursday, August 4, 2016

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය









Thursday, July 28, 2016

ඉසුරු ලිනක්ස් තුල දී ෆොල්ඩරයක් හෝ ගොනුවක් සඟවන්නේ මෙහෙමයි......

ලිනක්ස් ගැන, ලිනක්ස් කමාන්ඩ්ස් ගැන, එදිනෙදා පරිගණක අවශ්යතාවයන් ලිනක්ස් OS එකක ඉඳං කරන විදි ගැන තියෙන වීඩියෝ YouTube එකේ වගේම ඉන්ටර්නෙට් එක පුරාම දකින්න පුළුවං. හැබැයි එහෙම කරන විදිය ගැන සිංහලෙන් තියෙන වීඩියෝ තියෙන්නේ ඉතාම අල්පයයි. 

ඒ අනුව රසික නානායක්කාර විසින් සිංහල බසින් සකස් කල ලිනක්ස් තුලදී ගොනු සඟවන ආකාරය දැක්වෙන මෙම විඩියෝ දෙක ඉසුරු ලිනක්ස් භාවිත කරන ඔබටත් වැදගත් වේවි.

පළමු කොටස


දෙවන කොටස



උපුටා ගැනීම - රනා ලියන බ්ලොග්

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කර ගැනීම..........

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන්නේ මෙහෙමයි

ආසිරු කරුණාරත්නගේ ලිපියක්

ඉසුරු ලිනක්ස් කියන්නෙ උබුන්ටු පාදක කරගත් පරිගණක මෙහෙයුම් පද්ධතියක්. මේ නිසා මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයත් උබුන්ටු install කරනවට බෙහෙවින් සමානයි. මෙහිදි අපි සලකලා බලන්නෙ vmware workstation අධාරයෙන් ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන ආකාරය. Virtualbox වගේ වෙනත් virtual machine එකකට හරි physical computer එකකට install කරන්නෙත් මෙ ආකාරයටම තමයි

පළමුවෙන්ම කරන්න තියෙන්නෙ සකස් කරගත් virtual machine එකේ Power on කරන එක.
ඊට පස්සෙ ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙනවා. ටික වෙලාවකින් welcome screen එක දකින්න පුළුවන්.
මෙතනින් අපිට අවශ්‍ය නම් ඉසුරු ලිනක්ස් install කරන්න හරි නැතිනම් install නොකර මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්නෙ කොහොමද කියලා බලාගන්න හරි පුළුවන්. එක පාරටම install කරන්න අකමැති නම් try isuru linux මගින් ඉසුරු ලිනක්ස් කොයි වගේද කියලා බලාගන්න පුළුවන්. අපිට අවශ්‍ය install කරගන්න නිසා අපි install isuru linux කියන Option එක තෝරගන්නවා.
ඊලඟට තියෙන්නෙ Prepare to install Isuru linux කියන එක. මෙහිදි තියෙන සැකසුම් එලෙසම තිබෙන්නට හැරලා next step එකට යන එක. මෙහිදි පරීක්ෂා කරන්නෙ install කරන්න ප්‍රමාණවත් ඉඩක් තියෙනවද,අන්තර්ජාලයට සම්බන්ධ වෙලාද ඉන්නෙ වැනි කරුණු. third-party software install කරන්න අවශ්‍ය නම් ඒ සඳහා අදාල Option එකත් මෙතනදි තොරන්න ඕන. නමුත් ඒක අත්‍යවශ්‍ය වෙන්නෙ නෑ.
ඊට පසුව අපෙන් අහන්නෙ කොහොමද install කරන්නෙ කියලා. අපි අළුතෙන්ම install කරන නිසා erase disk and install කියන Option එක තොරගන්නවා. ඉතා පහසුවෙන් install කරන්න පුළුවන් ක්‍රමය ඒක. ඒක තොරලා install now තෝරන්න.
ඊට පස්සෙ අපෙන් අහනවා අපි මේ සකස් කර ගත්ත සැකසුම් Installation disk එකේ ගබඩා කරන්නද කියලා. Continue තෝරලා ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න ඕන.
ඊලඟට තියෙන්නෙ වේලා කලාපය තෝරන එක. මේ සඳහා අපට සිතියමෙන් ශ්‍රී ලංකාව තියෙන ප්‍රදේශයෙන් කොළඹ තොරන්න පුළුවන්.
ඊලඟට තියෙන්නෙ keyboard layout එක තොරන එක Isuru linux වල පෙරනිමියෙන්ම Default තියෙන්නෙ Sinhala Phonetic keyboard layout එක.
ඔබට වඩා හුරු ඉංග්‍රිසි keyboard layout එක නම් ඒක scroll bar එක මගින් ඉහලට ගමන් කිරිමෙන් ඉංග්‍රිසි keyboard layout එක තොරගන්න පුළුවන්.
ඊට පස්සෙ තියෙන්නෙ username password ලබා දෙන්න. මෙතනදි username සහ password අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. log automatically Option එක select කල විට log වීමේදී password ලබා නොදී log වෙන්න පුළුවන්. encrypt my home folder Option එක select කිරීම මගින් “Private” directory එකක් වෙන home directory එකේ data වල ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. මෙහෙම home folder එක encrypt කරලා තිබුනොත් කවුරු හරි attacker කෙනෙක් home folder එක access කරන් හැදුවට එයාට access කරන්න පුළුවන් වෙන්නෙ encrypted data ( උදා -AES256) එකක් විතරයි. අවශ්‍ය නම් එය select කරන්න පුළුවන්.

require my password to login යන්න තේරුවිට login වෙනවිට password එක අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. අනිත්දේ password ලබා දීමේදි අකුරු ඉලක්කම් සංඛේත මිශ්‍ර ශක්ති මත් password එකක් ලබා දෙන්න. මම දීලා තියෙන එක කෙටි වැඩි නිසා තමයි short password කියලා රතු පාටින් පෙන්නලා තියෙන්නෙ.
හොඳ ශක්තිමත් password එකක් ලබාදුන්නම මෙහෙම පෙන්වනවා.
ඊට පසුව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වෙන්න පටන් ගන්නවා. ඒ සඳහා පරිගණකයෙ ඇති හැකියාව අනුව ගතවන කාලය වෙනස් වෙනවා. මේ අතර මේ මෙහෙයුම් පද්ධතිය එයින් ලබා ගන්න පුළුවන් පහසුකම් පිලිබඳ විස්තර බලාගන්න පුළුවන්.
දැන් ඉසුරු linux Install වෙලා ඉවරයි. දැන් restart කරන්න ඕන.
මෙතනදි enter Key Press කරන්න.
ටිකකින් restart වෙලා අළුත් ඉසුරු ලිනකස් වෙත පිවිසෙන්න පුළුවන්.