ISURU LINUX ඉසුරු ලිනක්ස්

මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Thursday, June 9, 2016

පරිගනකය ට Viber ස්ථාපනය කරන ආකාරය.




Viber මෘදුකාඃගය ස්ථාපනය කරන ආකාරය.

පලමුව https://www.viber.com/en/products/linux

වෙත ගොස් මෘදුකාඃගය භාගත කර ගත යුතුයි.

එය viber.deb යන නමින් තිබෙනු දකිය කහැක

දැන් terminal එක ලබා ගන්න

එහි පහත කේතය අතුලත් කර Enter කරන්න

sudo dpkg -i /path/viber.deb

* මෙහි /path ලෙස ඇති ස්ථානයේ ඔබ භාගත කල viber මෘදුකාඃගය ඔබේ පරිගනකයේ ගබඩා වී  ඇති ස්ථානය ලබා දිය යුතුය.

ඔබ වෙනස්කමක් නොකලේනම් එය බොහෝවිට ඔබගේ Download Folder එකම වේ.



,

Monday, June 6, 2016

GRUB එක ලස්සන කරමු.

මොකක්ද මෙ grub කියන්නෙ ?

GRUB කියන්නෙ GRand Unified Bootloader කියන එක කෙටි කරල. ඉසුරු ලිනක්ස් විතතරක් දාල තියෙන පරිගනකයක GRUB ලැබෙන්නෙ නැතිව කෙලින්ම ඉසුරු ලිනක්ස් load වෙන්න පුලුවන්. එහෙම වෙලාවට machine එක power on කල සැනින් shift key එක තද කරගෙන ඉන්න.
මෙහෙයුම් පද්දති එකකට වඩා දාල තියෙන පරිගනක වල නම් මෙහෙම ප්‍රශ්නයක්  වෙන්නෙ නෑ.

මොනවද අපි වෙනස් කරන්නෙ.

* Default boot වෙන OS එක වෙනස් කිරිම.
* grub එක තිරයේ දිස්වී තිබෙන කාලය වෙනස් කිරිම.
* පසුතලය ට පින්තූරයක් ඇතුලත් කිරීම.

අපිට පුලුවන් GRUB එක ආකාර කීපයකට වෙනස් කරගන්න.
01. මේ සඳහා අති මෘදුකාංගයක් භාවිතයෙන්.
02. grub file එක වෙනස් කිරීමෙන්.

අද අපි කතා කරන්නෙ මෘදුකාංගයක් භාවිතයෙන් කොහොමද මේ වැඩ කරගන්නෙ කියල. මේ සඳහා භාවිතා කරන්න පුලුවන් මෘදුකාංග කීපයක් තිබුනත් අපි එකක් භාවිතා කරල මෙ වෙනස්කම් කරල බලමු.

01. Grub customizer මෘදුකාංගය ස්ථාපනය (Install Grub customizer )
  1. Terminal එක විවුර්ත කර ගන්න.(ctrl+alt+t) 
  2. මෙම කෙතයන් පිලිවෙලින් ඇතුලත් කරන්න.
    • sudo add-apt-repository ppa:danielrichter2007/grub-customizer
      (ENTER යතුර තද කරන්න).
    • sudo apt-get update
      (ENTER යතුර තද කරන්න).
    • sudo apt-get install grub-customizer
      (ENTER යතුර තද කරන්න).
      එවිට ස්ථාපනය කිරීම ස්තීර කිරිමට අවසර ඉල්ලාවි. "y" අතුලත් කර ස්තිර කරන්න.
  3.  දැන් Grub customizer ඔබගේ පරිගනකයට ස්ථාපනය වි අත.
02. GRUB එක වෙනස් කිරීම.



  1. Home වෙත ගොස් Grub customizer මෘදුකාංගය විවුර්ත කර ගන්න.
  2. එවිට ඉහත පරිදි කවුලුවක් ලබෙනු ඇත.
  3.  වෙනත් මෙහෙයුම් පද්ධ්තියක් default OS එක ලෙස සැකසීම.
    • මෙය තේරීම මගින් සිදුවන්නේ පරිගනකය පනගැන්වීමෙන් පසුව ඔබ තේරීමක් සිදු නොකලද ඉබේම ඔබ default OS ලෙස තෝරන මෙහෙයුම් පද්ධ්තියෙන් boot වීම සිදුවේ.
    • පලමුව ඔබට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය තෝරන්න.
    • කවුලුවෙ ඉහල තීරුවේ ඇති  ඇති ඊ තල භාවිතයෙන් මෙහෙයුම් පද්ධතිය ඉහලට හා පහලට රැගෙන යා හැක.
    • save කර මෙම වින්ඩෝවෙන් ඉවත් වී restart කරන්න.
  4.  GRUB මෙනුව තිරයේ දිස්වන වේලාව වෙනස් කිරීම.
    • නැවතත් grub-customizer මෘදුකාංගය විවුර්ත කර ගන්න.
    • General Settings tab එක තෝරන්න. 

    • මෙහි visibility කියන කියන එක ඇතුලෙ තියෙන
      Boot default entry after
      හී අගය වෙනස් කිරිමෙන් GRUB මෙනුව තිරයේ දිස්වන කාලය වෙනස් කරගන්න පුලුවන්.
      (0 අතුලත් කර save කිරීමෙන් GRUB මෙනුව තිරයේ දිස් නොවි ම default මෙහෙයුම් පද්ධතිය වෙත පිවිසේ.)
  5. GRUB මෙනුවේ පසුතලයට පින්තූරයක් අතුලත් කිරීම.
    • GRUB මෙනුවේ පසු තලය ඇත්තේ කලු පසුබිමකි. මෙයට තමන්ට අවශ්‍ය පින්තූරයක් අතුලත් කරගත හැක.
    • grub-customizer මෘදුකාංගයේ අති Appearance settings තෝරන්න.
    • එවිට පහත පරිදි කවුලුවක් ලබෙනු ඇත.
    • මෙහි වම්පස තීරුවේ අති සැකසුම් වෙනස් කිරීම මගින් අකුරු වල වර්නයන් වෙනස් කිරීම. අකුරු වර්ගය වෙනස් කිරීම. පසුතලය වෙනස් කිරීම. තිරතිරයේ ප්‍රමානය වෙනස් කිරීම සිදුකල හැක.
    •  වම් පස තීරුවේ ඇති background image තෝරා ඔබට අවශ්‍ය පින්තූරය තෝරා අතුලත් කල හැක.
    ඉහත වෙනස්කම් සිදුකර වැරදීමක් සිදු නොවූයේනම් පමනක් save කර පරිගනකය restart කරන්න.
,