මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Tuesday, July 26, 2016

Epoptes Server හඳුනාගනිමු

Epoptes Server හඳුනාගනිමු

හර්ෂ ජානකගේ ලිපියක්......

පරිගනක විද්‍යාගාරයක පරිගනක ක්‍රියාකාරකම් කලමනාකරනය සදහා බෙහෙවින් ඉවහල්වන මෘදුකාංගයක් ඉසුරු ලිනක්ස් පරිගනකය තුල ස්තාපනය කර ඇත. මෙයින් ඔබට පහත අවශ්‍යතා සම්පුර්ණ කර ගත හැකිය.


  1. සිසුන්ගෙ පරිගනක ක්‍රියාකාරකම් අදීක්ශනය කිරීම. 
  2. ගුරුවරයාට ඔහුගේ ක්‍රියාකාරකම් අන් සිසුන්ට එකවර දර්ශනය කිරීමට ඇති හැකියාව. 
  3. Multimedia එකක් නොමැති විට ඉගෙනම් ක්‍රියාකාරකම් වලට ප්‍රයෝජනවත් වී 
  4. පරිගනක එකවර shutdown කිරීමේ හැකියාව යනාදිය දැක්විය හැක.
ඔබත් මෙය ඔබගේ ඉසුරු ලිනක්ස් පරිගණක විද්‍යාගාරයේ ස්තාපනය කර විද්‍යාගාරයේ කලමනාකරනය පහසු කර ගන්න.

Epoptes Server එක ස්ථාපනය කිරීම

පහත විධානය භාවිත කර epoptes පරිගනකයට ස්තාපනය කරගන්න. (මෙය ඔබගේ epoptes server එක ලෙස සැලකිය යුතුයි. තවද server එක සදහා IP address එකක්ද ලබා දි තිබිය යුතුය.) උදා.192.168.1.2/24 )
  1. apt-get install epoptes එය පරිගණකයට ස්ථාපනය වූ පසු පහත ආකාරයට epoptes users group එකක් එකතු කර ගන්න.
  2. මේ සදහා පහත විධානය භාවිත කරන්න. sudo gpasswd -a username epoptes (මෙම විධානය භාවියෙයන් පසු පරිගණකයෙන් log off වී logon වෙන්න)
ඔබට terminal භාවිතය අපහසු නම් users සහ groups එකතු කිරිමට USERS AND GROUPS TOOL එක භාවිතා කළ හැකිය.

ඔබ ඉසුරු ලිනක්ස් පරිගනකමේ පිහිටුවා ඇති Software Centre එකට ගොස් USERS AND GROUPS ටූල් එක search කර ස්ථාපනය කර ගන්න.(මෙම tool එක ස්ථාපනයෙන් පසු පරිගණකයෙන් log off වී logon වන්න.

ඉන්පසු dash එක මත click කර users and groups තෝරා ගන්න.මෙහි දී ඔබට ඉතා පහසුවන් epoptes group එක එකතු කර ගත හැක . මෙම group එක එකතු කිරීමෙන් පසු පරිගණකයෙන් log off වී
logon වන්න .

විද්‍යාගාරයේ සෙසු පරිගණක වලට epoptes client ස්ථාපනය කරමු.

සෙසු පරිගණක වලටද සුදුසු පරිදි ip adderss ලබා දී තිබිය යුතුය. උදා.192.168.1.3 /24
192.168.1.4/24 ...................................ලෙස.
පහත විධානය භාවිත කර epoptes-client විද්යාගාරයේ සෙසු පරිගණක වලට ස්ථාපනය කර ගන්න.
  • sudo apt-get install epoptes-client මෙය ස්ථාපනය වූ පසු පහත විධානය භාවිතමයන් epoptes default මගානුව සියළු client පරිගණක වල සංස්කරණය කරන්න. sudo gedit /etc/default/epoptes-client epoptes-client ගොනුව පහත අකාරයට සංස්කරණය කරන්න
  • Insert epoptes server ip
SERVER=192.168.1.2 (SERVER යන්න ඉදිරියෙන් # ලකුණ ඇත්නම් එය ඉවත් කරන්න. 
දැන් ඔබ epoptes server එකෙන් එක් එක් clietnt පරිගණක සඳහා certificates ලබා ගත යුතුය.ඒ සදහා ඔබ සෑම client පරිගනකයින්ම පහත විධානය ලබා දිය යුතුය.
  • sudo epoptes-client -c 
(මෙයින් සිදු වන්නේ OpenSSL certificate epoptes server එක මගින් ලබා ගැනීමයි)

No comments:

Post a Comment