මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Tuesday, July 26, 2016

පරිගණක අතර දත්ත හුවමාරු (Share) කරගැනීම






එකම ප්‍රාදේශීය ජාලයකට සම්බන්ධකර ඇති පරිගණක වලට අනෙක් පරිගණක සමඟ දත්ත හුවමාරු (Share) කරගැනීම අදාල සේවාව ස්ථාපනය කිරීමට පිළිපැදිය යුතු පියවර එක වරක් පිළිපැදීමෙන් පසුව අපහසුවකින් තොරව ඉටුකරගත කරගත හැක.

මුලින්ම බෙදාගැනීමට අවශ්‍ය ගොනුව ඇති පරිගණකයේ Samba සේවාව ස්ථාපනය කර ඇති දැයි පරික්ෂා කරන්න.
SBI491~I.PNG


Samba ස්ථාපනය කර නොමැතිනම් ‘Software Centre’ හරහා එය ස්ථාපනය සිදුකරන්න.
S1H6XY~0.PNG

අලුතින් මෘදුකාංගයක් ස්ථාපනය කරන ආකාරය “8.3 ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට අතිරේක මෘදුකාංග ස්ථාපනය” හී විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

Samba අයිකනය මත click කලවිට ඔබට එම පරිගණකයේ Admin මුරපදය ලබාදෙන ලෙස ඉල්ලමින් සංවාද කොටුවක් දර්ශනය වනු ඇත. එයට නිවැරදි මුරපදය ලබාදී OK ලෙස තෝරන්න.
Admin බලතල නොමැතිව ඔබට Samba සේවාවේ සැකසීම් සිදුකල නොහැකිය.
root.png

එවිට ඔබට පහත පරිදි සංවාද කොටුවක් දැකගැනීමට හැකිවනු ඇත.
SLIHH3~9.PNG

share එකක් සෑදීමට පෙර Samba සේවාව භාවිත කලහැකි පරිශීලකයන්ව සේවාවට එකතුකිරීම සිදුකල යුතුය. මේ සදහා “Preferences” හී ඇති “Samba user” මෙනුව තෝරන්න. එවිට පහත පරිදි සංවාද කොටුවක් දැකගැනීමට හැකිවනු ඇත.

SLHPPU~Y.PNG

එම සංවාද කොටුවේ ඇති Add User මත click කලවිට ලැබෙන සංවාද කොටුවේ අදල කොටස් සම්පූර්ණ කරන්න.
S4VV67~T.PNG
මෙහි Unix user ලෙස දැක්වෙන Drop down menu එකෙන් ඔබගේ පරිශීලක නාමය තෝරන්න. ඔබට එකතුකිරීමට අවශ්‍ය පරිශීලකයා වෙනුවෙන් මෙම පරිගණකයේ දැනට ගිණුමක් නොමැති නම්, නව පරිශීලකයෙකු එකතු කරගන්නා ආකාරය “8.1 පරිශීලක ගිණුම් සැකසීම” හී විස්තර කර ඇත. Windows Username ලෙස වෙනත් නමක් ලබාදීමේ හැකියාව ඇති මුත් එකම නම භාවිත කිරීමෙන් අනවශ්‍ය පැටලිලි සහගත අවස්ථා මගහරවාගත හැකිය. Samba Password එක ලෙස ඔබට කැමති මුරපදයක් ලබාදිය හැකිය. මෙයට සාමාන්‍ය පරිශීලක ගිණුමේ මුරපදයම භාවිත කල හැකිය.

අදාල තොරතුරු ලබාදී OK මත click කලවිට ඔබ අලුතින් එකතුකල ගිණුම  එකතුවී තිබෙනු දැකගත හැකිය.
SK8KBZ~0.PNG

දැන් ඔබට මෙම පරිගණකයේ ඇති ගොනුවක් share කිරීම සිදුකල හැකිය. ඒ සඳහා Samba server configuration කවුලුවේ ඇති + ලකුණක සංකේතය තෝරන්න.
SCGGNC~V.PNG
එවිට පහත පරිදි කවුලුවක් දකින්නට ලැබෙනු ඇත
SD0FUO~7.PNG

Browse මත click කර ලැබෙන කවුලුව භාවිත කර share කිරීමට අවශ්‍ය ෆෝල්ඩරය තෝරන්න. මෙම උදාහරණය සදහා අපි Pictures ෆෝල්ඩරය භාවිත කරමු.
SAH86V~2.PNG

අදාල ෆෝල්ඩරය තෝරා OK කරන්න. එවිට Directory ලෙස දක්වා ඇති කොටුව තුල අදාල ගොනුව පිහිටා ඇති ස්ථාණය පෙන්වනු ඇති.
SNIILU~2.PNG
Share name එක ලෙස කැමති නමක් ඔබට ලබාදිය හැක. දුරස්ථ පරිගණකයක සිට සම්බන්ධවන පරිශීලකයාට මෙම ෆෝල්ඩරය පෙන්වන්නේ ඔබ Share name ලෙස ලබාදෙන නමෙනි. Visible ලෙස දක්වා ඇති option එක නොවරදවාම තෝරන්න. ඔබට දුරස්ථ පරිගණකයක සිට මෙම ෆෝල්ඩරයට ගොනු එකතුකිරීමට අවශ්‍ය නම් පමණක් Writable සැකසීම තෝරන්න. අවසාන වශයෙන් OK කරන්න.

ඕබ එකතු කරන ලද ෆෝල්ඩරය සාර්ථකව එකතු වී තිබෙනු දැකගත හැකිය.
SOJ8YR~U.PNG

දැන් ඔබට මෙම පරිගණකය සම්බන්ධ ජාලයට සම්බන්ධකර ඇති ඕනෑම පරිගණකයක් භාවිත කර Pictures ෆෝල්ඩරයේ අන්තර්ගතය පරික්ෂා කලහැකිය. ඒ සඳහා ඔබ Share කල ෆෝල්ඩරය ඇති පරිගණකයේ IP ලිපිනය දැනගත යුතුය. “පරිගණක ජාලයකට සම්බන්ධවන්නේ කෙසේද” හී විස්තර කර ඇති ආකාරයට විධාන පුවරුවේ ipconfig ලෙස විධානය ලබාදීමෙන් ඔබට IP ලිපිනය සොයාගතහැක.

ස්තුතිය : ලසන්ත මහතාට
,

No comments:

Post a Comment